Tuesday, November 10, 2009
සත්ව ලෝකය
ලොකුම සතා - නිල් තල්මසා
ලොකුම ගෙම්බා - ගොලියර්
ලොකුම මත්ස්‍යා - තල්මස් මෝරා
නලාකුම සර්පයා - ඇනකොන්ඩා
වේගවත්ම සතා - චිටා
මන්දගාමිතම සතා - ගොළුබෙල්ලා
කුඩාම සතා - පිග්මි මීයා
උසම සතා - ජීරාප්
ලොකුම චර්ම කෝෂ සතා - කැන්ගරුවා
වැඩියෙන්ම ජිවත්වන සතා - ඉබ්බා
බරින් වැඩි ගොඩබිම සතා - අප්‍රිකානු අලියා
කුරුල්ලන් පිළිබද ලෝක වාර්තා
ඉගිලිය නොහැකි ලොකුම කුරුල්ලා - පැස්බරා
බරම කුරුල්ලා - කොටළු හංසයා
කුඩාම කුරුල්ලා - හමිං බර්ඩ්
ආයුෂ වැඩිම කුරුල්ලා - ඇන්ඩියන් කොන්ඩෝර්
වේගවත්ම කුරුල්ලා - දේශාටක කුරුළුගොයා
විශාලතම බිත්තරය දමන කුරුල්ලා - පැස්බරා
උඩ්න් ඉගිළෙන කුරුල්ලා - ඊජිප්තු පාත්තයා
වැඩිම දුරක් ඉගිළෙන කුරුල්ලා - ආර්ටික් ටර්ෆ්
වේගවත්ම පිහිනන්නා - පෙන්ගුයින්
යිශාලතම කුරුල්ලා - කොන්ඩෝර්
විශාලතම ජලචර කුරුල්ලා - හංසයා
Thursday, November 5, 2009
දැනුමෙන් පිරි ලෝකය
අවුරුද්දේ මාස 12 ට නම් හැදුන හැටි
ජනවාරි - පැරණි රෝමවරුන් වසරේ මුල්ම මාසය ජානුස් නම් දෙවියා සිහිපත් කිරිම
සදහා නම් කරන ලදි.
පෙබරවාරි - පැරණි රෝමවරුන් දෙවියන් සදහා පවත්වන උත්සව " පෙබරවාරිස් " නමින් හැදින්
වු අතර එය සිදු වුයේ පෙබරවාරි මාසයේ දීය.
මාර්තු - කාර්මික හා කෘෂි කර්මික ආදියට සම්බන්ධ "මාර්ස් " නම් දෙවියාට උපහාර පිණිස.
.
අප්‍රේල් - වසන්ත ඝෘතුවේ මල් පිපෙන කාලය යන අර්ථය ඇති "අපිරියේ" යන්න මුප් කොට
( සෙභාග්‍යයට හා අලංකාරයට අධිපති ඇප්‍රොසිටෙ දෙවගනට උපහාර පිණිස. )
මැයි - පැරණි රෝමවාසින් වැඩිහිටියන් උදෙසා වෙන් වු මාසය "මේ" යනුවෙන් නම්
කරන ලදී.
ජුනි - රූමත්කමේ හා යෙවනයේ සංකේතයක් වන "ජුනේ " දෙව්දුවට උපහාර පිණිස.
ජුලි - ජුලියන් දින දර්ශනය ලොවට ඉදිරිපත් කිරිම නිසා ජුලියස් සීසර් සිහිපත් කිරිම.
අගෝස්තු - ජුලියස් සීසර් රජුගේ බෑණා වු ඔගස්ටස් සීසර් අධිරාජ්‍ය සිහිවිම පිණිස "ඔගස්ට්"
නම් විය.
සැප්තැම්බර් - රෝමවරුන් අවුරුද්ද ගණනය කලේ මාස 10 කිනි. එම ක්‍රමය "සැප්ටිමස් " නම්
විය.
ඔක්තෝම්බර් - සියලු ගහ කොළ කහ පැහැය සිදු වන මාසය යන අරුත ඇති "ඔක්ටෝ" යන
වචනයෙන් මෙම මාසය නම් විය.
නොවැම්බර් - ශීත ඍතුව ඇරඹෙත්ම මස් ආරක්ෂා කර තබනු ලබන මාසය අරුත නමිනි.
දෙසැම්බර් - ලතින් භාෂාවෙන් ශුද්ධ වු මාසය යනව අරුත ඇති "ඩිසෙම" අනුව ඩිසෙම්බර්
විය.
.
සතියේ දින හත හැදුන හැටි
UNDAY - ඉරිදා - හිරුගේ දිනය
MONDAY - සදුදා - සදුගේ දිනය
TUESDAY - අගහරුවාදා - Tiu ගේ දිනය. යුද්ධයට හා අහසට අධිපති Tiuදෙවියා සදහා
WEDNESDAY - බදාදා - Woden ගේ දිනය. දෙවියා ප්‍රධාන Teutonic
THIRSDAY - බ්‍රහස්පතින්දා - Thor ගේ දිවය සර්වජනයට අධිපති දෙවියා.
RIDAY - සිකුරාදා - Friggගේ දිනය, ආදරයේ දෙවගනගේ දිනය.සිකුරු ග්‍රහයාගේ දිනය ලෙස ද හදුනවයි.
SATURDAY - සෙනසුරාදා - සෙනසුරුගේ දිනය.
Friday, October 23, 2009
අපේ ලොකු හාමුදුරුවෝ

අපේ ලොකු හාමුදුරුවෝ
ශ්‍රේෂ්ඨ පුද්ගලයෝ ලොව හැම තැන පහළ නොවෙති. යම් තැනක එවැන්නෙක් පහළ වන්නේ නම් එම කුල පරාමිපරාව බබුලුවයි. අපේ ලොකු හාමුදුරුවන් වහන්සේගේ පහළ විම ද උක්ත බුදු වදන සනාථ කරන්නකි.
ජන්ම ලාභය
දකුණු ලක මාතරට නුදුරු මිරිස්ස ගම්වරය මුන්වහන්සේගේ ජාත භුමියයි. වර්ෂ 1925 වු දුරුතු මස 28 වන දින ලොව එළිය දුටු මෙම පුණ්‍ය කුමරුවන් ටියුමට් නමින් නම්වර ලැබු බව කියැවෙි.
මුලික අධ්‍යාපනය
සිය උපන් ගමෙහි කීර්තිමත් පාසලක් වන මිරිස්ස මහා විද්‍යාලයේ මුලික අධ්‍යාපනය ලැබුහ. තත්කාලීන අධ්‍යාපන මාවතේ අභියෝගාත්මක ප්‍රවණතාවයන්ට මුහුණ දෙමින් J.S.C. දක්වා ඉංග්‍රීසි මාධ්‍යයෙන් පාසල් අධ්‍යාපනය හැදෑරු පින්වත් කුමරු කාලෝචිත භාෂාන්තර ඥානයෙන් පරිපෝෂිත විය.
පැවිදි විම
එම පින්බර දිනය උදාවන්නේ වර්ෂ 1941 වු නිකිණි මස 09 වන දාය. රාජකීය පණ්ඩිත ශාස්ත්‍රවෙදි විද්‍යාවිශාරද පුජ්‍යපාද මිරිස්සේ ගුණසිරි මහා ස්වාමීන්වහන්සේ ගේ ආචාර්යත්වයෙන් මෙම පුරාකෘත පුණ්‍යවන්ත දරුවා මිරිස්සේ සිරි සුනන්දාරාම විහාරස්ථානයේ දී ආර්යභුමියට ඇතුලත් කරන ලද්දේ මිරිස්සේ ධම්මසිරි යන අන්වර්ථ නාමයෙනි.
උපසමිපදාව
.
ඉතා ඉක්මනින් ශාසනික සම්ප්‍රදායත් තෙවලා බුදුවදනත් ප්‍රගුණ කළ උන්වහන්සේ වර්ෂ 1948 වු ඇසළ මස 2 දින අධිශීල සංඛාත උපසම්පදා ශීලයට පත්වුහ.
ශාසනික මෙහෙවර
මිරිස්සේ ශ්‍රී ප්‍රඥාලෝක දහමිපාසලේ ප්‍රධානාචාර්ය ධුරය හෝබවමින් උන්වහන්සේ ආරම්භ කළ ධර්ම දානය බෙදා දීමේ පුරණකර්මය, විවිධ සමිති සමාගම් ඔස්සේ ගමතුල විශාල යුග මෙහෙවරක් බවට පත් විය. මිහිදු ළමා සමාජය, මිරිස්සේ තරුණ බෙෘද්ධ සමිතිය, ශ්‍රී ගෝතමි කුළගන සමිතිය, මිහිරිසි ළමා සමාජය වැනි සමිති සමාගම් වල අනුශාසන ධුරය දෙමින් උන්වහන්සේ සාරධර්ම සමාජයක පෙරමුණ ගත්හ.
මිරිස්සේ සිරිසුනන්ද ත්‍රිපිටක විද්‍යාලය උන්වහන්සේගේ ශාසනික සේවාවෙහි ජීවමාන සාධකයයි. 1962 වසරේදී පිරිවණෙහි පිරිවෙිණාධිපති ධුරයට පත් වු උන්වහන්සේ 1985 වසර දක්වා මෙම අධ්‍යාපනික ආයතනය පණගන්වා, පෝෂණය කොට ග්‍රාම තක්ෂාලාවක් බවට පත්කළ සැටි අපුරුය. ඉන් ගුණ නැණ වඩාගත් උගත් වියත් ගිහිපැවිදි විශාල පිරිසක් අද දෙස් විදෙස්හි නංවන යශෝරාවය මිරිස්සටම ආඩමිබරයකි.
හෙබ වු තනතුරු
උන්වහන්සේ හෙබ වු තනතුරු කිහිපයක් පහත දැක්වෙි
01. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක සංඝ සභික උපරිමාණු විජ්ජක.
02. විශේෂාධිකාරි මණ්ඩලයේ සාමාජික.
03. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ව්‍යවස්ථා සංශෝධන මණ්ඩලයේ සභික.
04. මාතර නිර්මාංශ ආහාර සමිතියේ අනුශාසක.
05. එක්සත් ශ්‍රී ලංකා සංඝ සභාවෙි සභාපති.
06. ලෝක බෙෘද්ධ ධර්මදුත සේවයේ සමාරම්භක ලේඛණාධිකාරී.
07. වැලිගම තරුණ බෙෘද්ධ සමිතියේ අනුශාසක තනතුර.
08. බටහිර වැලිගම කෝරලයේ ශාසනාරක්ෂක මණ්ඩලයේ උප සභාපති තනතුර.
අධිපතිත්වය
බොහෝ වෙහෙර විහාරවල අධිපතිත්වය දැරුවද අපිස් සතොස් ගුණයෙන් හෙබි අප මා හිමියන් ඒවායේ පාලනය විමධ්‍යගත කොට ස්වකිය ශිෂ්‍යයන් වෙත පවරා ඉතා අප්පේචිජ දිවියක් ගත කළහ. මිරිස්සේ සිරි සුනන්දාරාමයේ නිතර වැඩ විසු උන්වහන්සේ අධිපතිත්වය දැරූ වෙහෙර විහාර නාම මාත්‍රිකව සදහන් කරමු.
01. මිරිස්සේ සිරි සුනන්ද පිරිවෙන් විහාරය.
02. තිස්ස මහාරාමයේ යටාල මැණික් රජමහා විහාරය.
03. රත්මලානේ ගුණසිරි ස්වාමීන්ද්‍ර ධර්මායතනය.
04. දෙවිනුවර කිරලවැල්ල පුර්වාරාමය.
05. මාමඩල ජංසගම සිරි විජයාරාමය.
06. නුගේවල සිරි සුගතාරාමය.
අධ්‍යපනික මෙහෙවර
මිනිසා සම්පුර්ණ වන්නේ කියවිමෙනි යන්න තව දුරටත් සනාථ කරමින් ධර්මය මෙන්ම බැහැර ශාස්ත්‍රීය පොත් පත් රාශියක් කියවා බහුශ්‍රැතයකු ලෙස දැනුමින් සන්නද්ධ වු උන්වහන්සේ රටටම ධර්ම ඥානය බෙදන පෘථුල කාර්යකට අතගැසු හ.
සිය ගුරු දේවයාණන් පවත්වාගෙන ගිය බුදුසරණ පුවත්පතේ ධම්මික මෙහෙය ධම්ම සාකාචිජා තීරය උන්වහන්සේ තුල තිබු ධර්ම ඥානයත්, කුශාග්‍ර බුද්ධියත්, තර්ක ඥානයත් එක්තැන් කළ කැඩපතක් බදු ය.
මේ හැරුණු විට උන්වහන්සේ විසින් ධර්ම විනය හා විවිධ මති මතාන්තර සම්බන්ධයෙන් පැවැත් වු වාද විවාද ඉතා ගුඹුරු බුද්ධිමය නිම්වළලු පුසාරණය කරන ඒවා බවට පත් විය. ඒ අතර විද්‍යා විශාර ද කන්නිමහර සුමංගල හිමියන් සමග කළ අන්තරා බව පිළිබද වාදය විශේෂ තැනක් ගනී. එසේම රහතන් වහන්සේද පිරිහෙන්නේය, සතර පෙර නිමිති, සිදුහත් කුමරැ පියුම් මත වැඩිම, දෙවිදත් තෙර පොළව පලාගෙන යාම, වැනි අභියෝගාත්මක වාද විවාද රාශියක් උන්වහන්සේ දැරූ අදහස් මුළු දේශයේම බුද්ධි ප්‍රභාවයට හේතු විය. උන්වහන්සේ විසින් ආරම්භ කර මිරිස්සේ ධර්ම ශ්‍රී පෙර පාසල සිය සොදුරු ගම කුඩා දරු දැරියන්ගේ දෙනෙත් පාදමින් අද ද විශාල මෙහෙවරක් කරයි.
සමාජ මෙහෙවර
ගම්වලට කිර්තිය ගෙනෙන්නේ බෙෘද්ධ භික්ෂුන් වහන්සේලාය. මිරිස්ස ගමෙි ඉපදි ගමෙි හැදි වැඩි ගමෙි ජනතාව අතර හිදිමෙන් ගම ශෝභාමත් කළ උන්වහන්සේ ගමට මිණිපහනක් වුහ. ගමේ ගෙන් ගෙට යමින් ගම් සුහදතා කමිටු පිහිට වු උන්වහන්සේ ගමේ ආර්ථික, සෞඛ්‍ය, අධ්‍යාපනික තත්වයන් දැනගැනම වස් තත්ත්ව පරීක්ෂණ පැවැත් වුහ. දකුණු පළාත් සභා කොඩිය නිර්මාණය කිරිමේ පුරෝගාමි දායකත්වයක් ද ඉසුලු අප ලොකු හාමුදුරුවන් වහන්සේගේ බුද්ධිමය, තාර්කික හා නිර්මාණාත්මක දැනුම අවබෝධය ඉතා විශිෂ්ඨය.
ගමේ ආර්ථිකය නැංවිම සදහා උන්වහන්සේගේ අනුශාසකත්වයෙන් පවත්වාගෙන ගිය මැහුම්, ගෙතුම්, පැදුරු, බීරළු රේන්ද, පේෂකර්ම, කොහු වැනි කර්මාන්ත මධ්‍යාස්ථාන එමෙන්ම ණය දෙන සමිති, මුදල් ඉතිරි කිරිමේ සමිති ආරම්භ කරමින් ගමේ මුල්‍ය විනය සදහා අපේ ලොකු හාමුදුරුවෝ ක්‍රියා කළ ආකාරය ඉතා ආදර්ශවත්ය.
තව ද මිරිස්ස දකුණ ගම් වාසින්ගේ නිවාස ප්‍රශ්නය, වලානට ගෙන යාමට තිබු මිරිස්සේ මාතෘ නිවාසය මිරිස්සේ රදවා ගැනිම, මිරිස්ස මහා විද්‍යාලයේ දියුණුවට කටයුතු කිරිම මෙන් ම 1965 වර්ෂයේ ආරම්භ කළ මිරිස්සේ ධමි ශ්‍රී පොදු පුස්තකාලය විවෘත කිරිම ද අපේ ලොකු හාමුදුරුවන්ගේ සමාජ මෙහෙවරෙහි උදාර නායකත්ව ලක්ෂණ පෙන්නුම් කරයි.
Thursday, September 3, 2009
හිම කදුළු වැල්
හිම කදුළු වැල්
බොල් පිණි කදුළු කැට
මහ පොලොවට බොද වෙද්දි
ඔබෙ දෙපා මුල මා
යාදිනිය පමණි
මා නෙතු මායිමෙ හිද
මට පෙර මග කියා දුන් ඔබ
මා හැර වෙනතක යනා වග
මාගේ හදවත කෙලේස නම
අදහමි ද
යලි ඔබ මා වෙත
නොයෙන වග
හදවත කොදුරද්දි
මෙ ලොව හැර යන්න
දහස්වර සිතුනි මෙමට
පෙමි කදුළු පිණි සලා
පාළු තනි කුටිය තුල
තනි වෙලා ඉකිබිදින්නට
තනි කලේ ඇයි නූඔ
මගේ සිත
පැතු පැතුමන් සිහිනයක් සේ
වියැකුනත් හෙට දින
කදුළු නොසලමි මෙයින් මතුවට
දයාබර මවි පියනට
එදා දුන් හද වෙදනා
කදුළු වැසි
මා හද කුටියේ
දොරගුළු විවර වෙද්දි
අහිංසක ලෙස ලොව දකින්නට
කියා දුන් ඔවදන් පෙළ
පෙළ ගස්වා ගනිමි
මෙයින් මතුවට
ජිවිතේ සුභ දිනක් දකින්නට.
