හිම කදුළු වැල්
බොල් පිණි කදුළු කැට
මහ පොලොවට බොද වෙද්දි
ඔබෙ දෙපා මුල මා
යාදිනිය පමණි
මා නෙතු මායිමෙ හිද
මට පෙර මග කියා දුන් ඔබ
මා හැර වෙනතක යනා වග
මාගේ හදවත කෙලේස නම
අදහමි ද
යලි ඔබ මා වෙත
නොයෙන වග
හදවත කොදුරද්දි
මෙ ලොව හැර යන්න
දහස්වර සිතුනි මෙමට
පෙමි කදුළු පිණි සලා
පාළු තනි කුටිය තුල
තනි වෙලා ඉකිබිදින්නට
තනි කලේ ඇයි නූඔ
මගේ සිත
පැතු පැතුමන් සිහිනයක් සේ
වියැකුනත් හෙට දින
කදුළු නොසලමි මෙයින් මතුවට
දයාබර මවි පියනට
එදා දුන් හද වෙදනා
කදුළු වැසි
මා හද කුටියේ
දොරගුළු විවර වෙද්දි
අහිංසක ලෙස ලොව දකින්නට
කියා දුන් ඔවදන් පෙළ
පෙළ ගස්වා ගනිමි
මෙයින් මතුවට
ජිවිතේ සුභ දිනක් දකින්නට.
